Uthmirror

තරගයකින් තොරව ශ්‍රි ලංකාව එක්දින තරගාවලිය ජයගනියි

තරගයකින් තොරව ශ්‍රි ලංකාව එක්දින තරගාවලිය ජයගනියි

සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමගින් පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-0ක් වශයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක සියලු තරග ජයගනිමින් ජයග්‍රහණය කරනු ලැබුවේ කලකට පසුව වීම විශේෂත්වයකි.


මෙම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ දක්ෂතා ඉස්මතු වූ අතර, සිම්බාබ්වේ තරගාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්ඳු නැවතත් ලකුණු අතරට පැමිණිමද මෙහිදි දක්නට ලැබුණි. ආරම්භක පිතිකරුවන් පීඩනයකින් තොරව සිය ඉනිමේ ආරම්භය ලබාදුන් නිසාම නායක කුසල් මෙන්ඩිස්ද දෙවැනි හා තෙවැනි තරගයේදී ලකුණු අතරට පැමිණිහ.


කෙසේ වෙතත්, ඇෆ්ගනිස්තානු පන්දු යැවීම බලඇණියේ දියාරු ගතිය මුළු තරගාවලිය පුරාම දක්නට ලැබුණි. රශිඩ් ඛාන් මෙන්ම මුජිබර් රහමන් නොමැති නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරගාවලිය ඉතා පහසුවෙන් ජයගත් බව පැහැදිළිය. කෙසේ වෙතත්, පළමු තරගයේදි ඇෆ්ගනිස්තානු පිතිකරුවන් ලකුණු 383ක ඉලක්කයක් හඹා යමින් අභියෝගාත්මක ඉනිමක් ක්‍රීඩා කළ නමුදු අනෙකුත් තරග දෙකේදී ඇෆ්ගනිස්තානු පිතිකරුවන්ගෙන් ඇල්මැරුණ ස්භාවයක් දකින්නට ලැබුණි. පල්ලේකැලේ තණතිරු මෙව පිතිකරුවන්ට උචිත අන්දමින් සකස් කළ නිසාම ලාංකීය පිතිකරුවන් සිතුසේ දස්කම් අතරට පැමිණිම බවක්ද පෙනෙන්නට තිබුණි.


පළමු තරගයේ වීරයා, තුන්වැනි තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්හංකය. එමෙන්ම මෙම තරගාවලියේදී ඔහු එක්දින ලකුණු 2000 සීමාව ඉක්මවා ගිය අතර, තරග අඩු ප්‍රමාණයකින් එම ඉලක්කය පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසද පැතුම් ඉතිහාස ගත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *