ආදරණිය දිනයේදී තිරගත වූ මකුළු කෙල්ලොන්ගේ කතාව
‘මැඩමි වෙබි’ කියන්නේ ලෝක ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තිරගත වන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයයි. ‘මැඩමි වෙබි’ චිත්‍රපටය මෙි වසරේ තිරගත වන පළමු සුපිරිවීර චිත්‍රපටය විදියට මාවල් එන්ටර්ට්‍රේට්මන්ට් සහ කොලොමිබියා පික්චර්ස් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක දැවැන්ත වියදමක් දරමින් නිෂ්පාදනය කර තිබේ.
‘ස්පයිඩර්’ විශ්වය තුළ ස්පයිඩර් මෑන්ලා පමණක් නෙමෙයි ‘ස්පයිඩර් වුමන්ලා’ නිරූපණය කරන චිත්‍රපටයක් තමයි ‘මැඩමි වෙබි’ කියන්නේ. චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ මකුළු ලෝකය තුළ සැරි සරන ‘ස්පයිඩර් වුමන්ලා’ හෙවත් ‘මකුළු කාන්තාවන්’ තිදෙනකු වටායි. ‘මැඩමි වෙබි’ චිත්‍රපටය තුළ මීට පෙර අප නැරඹු ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවට වෙනස් ස්වරූපයක් දරණ බවයි සෝනි සමාගම පවසන්නේ.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් කාම චිත්‍රපට මාලාවක් වූ ‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ හි රඟපෑ ‘ඩැකෝටා ජොන්සන්’ විසිනි. ස්පයිඩර් වුමන් චරිතය ද්විත්වය සඳහා හොලිවුඩයේ සුපිරි නිළි සිඩිනි ස්විනි සහ සෙලෙස්ටේ ඕ’කොනර් දෙපළ විසින් නිරූපණය කරනු ලබයි.
‘මැඩමි වෙබි’ අධ්‍යක්ෂණය කරන්නේ ‘එස්.ජේ. ක්ලාර්ක්සන්’ නමැති නවක කාන්තා අධ්යක්ෂවරියක් විසිනි. සෝනි සමාගම නිර්මාණය කරන සිවුවැනි චිත්‍රපටය වන ‘මැඩමි වෙබි’ ඉදිරියෙදී නිර්මාණය වීමට නියමිත ස්පයිඩර් මෑන් චිත්‍රපටය හා සමිබන්ධ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මාවල් සමාගම පවසා සිටියි.
මලින්ත විතානගේ