ලෝකේටම ඇස් ඇරෙන්න අපේ එකෙක් දෙසියක් ගහයි
ශ්රී ලංකා එක්දින ක්රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය වාර්තා කරන්නට පැතුම් නිශ්ශංක සමත් විය. ඒ සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමග මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණයේදී පැවැති දෙරට අතර, පළමු එක්දින තරගයේදීය. සනත් ජයසූරිය විසින් 2005 වසරේදී ඉන්දීයාවට එරෙහිව සාජා පිටියේදී රැස් කළ ලකුණු 189ක් වූ වාර්තාවද මෙම තරගයේදී බිඳ වැටීම විශේෂත්වයකි.
පැතුම් නිශ්ශංක මෙම ලකුණු දේසිය වාර්තා කරනු ලැබුවේ ඔහු ක්රීඩා කළ 50 වැනි එක්දින තරගයේදී වීම කැපි පෙනෙන්නකි. මෙම තරගයේදී පැතුම් පන්දු 139කදී ලකුණු 210ක් වාර්තා කළ අතර, ඊට හතරේ පහර 20ක් හා හයේ පහර 08ක් ඇතුළත් විය. එමෙන්ම මෙම ද්ව්ත්ව ශතකය ලෝකයේ දැනට වාර්තා වූ තුන්වැනි වේගවත්ම ද්ව්ත්ව ශතකයද වෙයි. මැක්ස්වේල් හා ඉෂන් ක්රිෂන් ඔහුට ප්රථාම මෙම වාර්තාවට හිමිකම් කියයි.
වසර ගාණනාවක් පුරා අත්දැකිම් සොයමින් තරග 150කට ආසන්න ප්රමාණයක් ක්රීඩා කළ ක්රීඩකයින් තවමත් සිය ලකුණු මල්ලට ශතක දෙක තුනක් එකතු කරගනිද්දි පැතුම් නිශ්ශංක තම 50 වැනි එක්දින තරගය වනවිට ලකුණු දෙසියේ ඉනිමක්ද සමගින් ශතක හතරක් එක්කර ගෙන තිබීම සුවිශේෂිත්වයකි.
එක්දින තරගවලට ආවේණික ක්රීඩා රාටාවක් ඇති ක්රීඩකයෙකු වන පැතුම් නිශ්ශංක මෙරට ක්රිකට් ක්රීඩාවට පහළ වූ සුවිශේෂි පිතිකරුවෙක් බව ක්රීඩා විචාරකයින් දැනටමත් පෙන්වා දී ඇති. වර්තමානය වනවිට සිය රිද්මයේ උපරිම තලයේ සිටින පැතුම් තවත් වසර දෙක තුනකදී ලොව සුපිරිතම ක්රිකට් ක්රිඩකයින් අතරට එක්වීමට හැකියාවක් පවතින බවට මේ වනවිට සිය ක්රීඩා රාටාව තුළ ඉඟි පෙන්වා දී ඇත.