Uthmirror

හැමදාම සිපගන්න එකෙන් ලැබෙන අමතර වාසි මෙන්න

හැමදාම සිපගන්න එකෙන් ලැබෙන අමතර වාසි මෙන්න

ආදරය ප්‍රකාශ කරන සරළම ක්‍රමයක් විදිහට තමයි මිනිසුන් සිපගැනීම හඳුන්වන්නේ. ඒ අතරින් දෙතොල් සිප ගැනීම කියන්නේ විශේෂම දෙයක්. මොකද, ප්‍රේමණිය සිපගැනීම කියන්නේ දෙතොල් සිපගැනීමට නිසා. සිප ගැනිම තුළින් වාසි රැසක් තියෙනවා කියලා ඔබ දන්නවද. හැමදාම සිපගත්තත් ඒ දේවල් නම් දන්නේ බොහෝම අඩු පිරිසක්. ඉතින් සිපගැනිම හරහා ලැබෙන පුදුම හිතෙන වාසි කිහිපයක් තමයි මේ.

සැමියා, බිරිඳ එහෙමත් නැත්නම් පෙම්වතා පෙම්වතිය නිවසින් බැහැරව යද්දි ඇයව හෝ ඔහුව සිපගන්නවා නම් ඔවුන්ට දිර්ඝායුෂ ලැබෙන බව වසර දෙකක් කළ පරික්ෂණ මඟින් වෛද්‍යවරු කණ්ඩායමක් සොයාගෙන තියෙනවා. ඔවුන් කියන්නේ ඔවුන් ගත කරන වයස් කාලයට වඩා තවත් අවුරුදු පහකින් ඔවුන්ගේ ආයුෂ මේ නිසා දිර්ඝ වෙනවා කියලා. එමෙන්ම නිවසින් බැහැරව රැකියාවට යන කෙනෙකු සිපගත්තොත් ඔහුට හෝ ඇයට ඒ දවස වඩාත් උද්යෝගයෙන් වැඩ කරන්න පහසුවකුත් වෙනවා.

කරපු පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන්නේ කාන්තාවන් වඩාත්ම ප්‍රිය කරන්නේ රැවුල නොමැති පිරිමින් සිපගන්න. ලෝක ජනග්‍රහණයෙන් සියයට 50කට වැඩි කාන්තාවෝ කැමති රැවුල නැති පිරිමින් සිපගන්න. ඒ වගේම රෝස පැහැයට හුරු සහ රත්පැහැයට ඇති දෙතොල් සිපගන්න පිරිමින් වඩාත් කැමැත්තක් දක්වන බව මේ පර්යේෂණවලින් සනාථ වෙලා තියෙනවා.

හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා ලෝක ජනග්‍රහණයෙන් සියයට දහයක ප්‍රමාණයක් කවදාවත් එකිනෙකා සිපගන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම විවිධ ජාන කොටස්වලට අයත් ග්‍රෝතික පිරිස් තමා මේ කොටසට ඇතුළත් වෙලා තියෙන්නේ කියලා තමයි මේ වෛද්‍යවරු කණ්ඩායම සඳහන් කරලා තියෙන්නේ.

සංසර්ගයේදී ලබන්නට බැරි සුරාන්තයක් ගැහැණුන්ට දෙතොල් සිපගැනීම හරහාත් ලැබෙනවා. බටහිර රටවල ගැහැණු ගොඩක් වෙලාවට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙද්දි වැඩි කාලයක් දෙතොල් සිපගැනීම සිදු කරන්නේ තමන්ට අවශ්‍ය කරන වින්දනය.. සුරාන්තය.. ලබාගන්න කියලා තමයි මේ පර්යේෂණවලින් හෙළිවෙලා තියෙන්නේ.

තව සිපගැනීම දත්වලට හොඳයි. සිපගැනීමේදී එකිනෙකාගේ තොල් සහ දිව ගැටෙන නිසා කේටය ශ්‍රාවය වීම හොඳින් සිදු වෙනවා. මේ නිසාම දත් අතර හොඳ සේදීමකට ලක්වෙලා ආහාර කැබලි ඉවත් වෙලා විදුරුමස නිරෝගී වෙනවා. ඒක හින්දා ටිකක් වැඩිපුර සිපගත්තාට පාඩු වෙන්නේ නැහැ කියලා තමයි මේ වෛද්‍ය කණ්ඩායම කියන්නේ.

උපුටා ගැනීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *