Uthmirror

රැල්ලට හෝ ඊට ප්‍රතිවිරුද්ධව මම හිතලා ගීත ලියන්නේ නෑ

රැල්ලට හෝ ඊට ප්‍රතිවිරුද්ධව මම හිතලා ගීත ලියන්නේ නෑ

සිතින් විතරක් පෙම් කරන්නම්.. ගීතය ඇතුළු ජනප්‍රිය ගීත රැසක්ම ගී පද රචනා කළ ආරාධනා ඒකනායක තරුණ පරපුර බොහෝම ආදරය කරන තරුණ ගී පද රචකාවියකි. නිරන්තරයෙන්ම අවධානය දිනාගත් ගී පද රචකාවියක් නිසාම මෙවර අපද ඇය සමග කළ කතා බහයි.


ආරාධනා ගොඩක්ම ලිව්වේ ආදරය හා විරහාව සම්බන්ධ ගීත නේද..
ආදරයත් එක්ක විරහවනේ වැඩිපුරම බැදිලා තියෙන්නේ. නමුත් විරහ ගීත වගේම ආදරයේ සුන්දරත්වය ගැනත් ගීත ලියලා තියෙනවා. හැබැයි මගේ වඩාත් ජනප්‍රිය වුණේ විරහ ගීත කිව්වොත් හරි.


මේ ගීත නිර්මාණය වන්නේ ඔබට වුණ අත්දැකිම් පාදක කරගෙනද..
මගේ සහ මම අහන, දකින, කියවන හැම දෙයක්ම අත්දැකීම් කරගෙන තමයි මම ගීත ලියනවා.


වෙනසකටත් එක්ක වෙනස් විදිහේ ගීතයක් ලියන්න අදහසක් නැද්ද..
වෙනස් ගීත ලියලා තියෙනවා. නමුත්, වෙනසකට ප්‍රියකරන ගායන ශිල්පීන් සිටිය යුතුයි එය ගීත නිර්මාණයක් දක්වා ගෙනියන්න. ඒ අයට අවශ්‍ය දේ නේ අපි ලියලා දෙන්නේ. මිනිස්සු ආස දේවල් තමා ඒ අය දෙන්නේ.


රැල්ලට ගී පද රචනා කරන ගොඩේ ඔබත් ඉන්නවද..
රැල්ලට හෝ ඊට ප්‍රතිවිරුද්ධව මම හිතලා ගීත ලියන්නේ නෑ. බොහෝ දුරට එක එක කාලයන්ට අනුව ගීත රැල්ල සකසන්නේ තනුව හා සංගීතය යොදන සංගීත අධ්‍යක්ෂවරුන් හරහා. සමහර විට ලියපු ගීත රැල්ලට ගිහිනුත් තියෙනවා, ඊට නොගිහිනුත් තියෙනවා.


ලොකු පිරිසක් අද මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා ආරාධනාට වැඩ තියෙනවද..
දරාගන්න බැරිතරම් නම් වැඩ නෑ. හැබැයි, වෘත්තීයක් විදියට මට ගීත රචනය කරගෙන යා හැකි මට්ටමට ගීත රචනා කිරීමට අවස්ථා ලැබෙනවා. කොහොමත් ලොකුවට මම ඒ පස්සේ දුවන්නේ නැහැ. අවශ්‍යය අයෙකුට අවශ්‍යය දෙයක් දෙන එකයි මම කරන්නේ.


ගී පද රචකාවියක් විදිහට නමක් හදාගන්න මහන්සි වුණාද..
ඇත්තටම නෑ. දුක් විදලා, ප්ලෑන් කරලා ලබාගත්ත දෙයක් නෙවේ. අහම්බයක් වාසනාවක් විදියට ජීවිතයට ලැබුණ දෙයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *