ශ්‍රී ලංකාවේ චමරිට ලක්ෂ එකසිය පහළොවක වටිනාකමක්
ලෝකයේ හොඳම එක්දින ක්‍රීඩිකාව ලෙස පසුගියදා සම්මාන ලැබු ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව ලැබී ඇත. ඒ ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ එකසිය පහළොවක මුදලකටය.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් තෝරන වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් විසින් මිළඳි නොගැනීම කැපී පෙනුනි. එහෙත්, ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන වසරේ හොඳම එක්දින ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වීමත් ලෝක කාන්තා එක්දින හා කාන්තා විස්සයි 20 කණ්ඩායම්වල නායිකාව වීමත් හරහා ඇයට ඉන්දීය කාන්තා ලීගය සඳහා එක්වීමට අවස්ථාව ලැබී ඇත.
තරගාවලියේ අප් වොරියර්ස් කණ්ඩායමට තෝරා ගෙන සිටි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට මෙසේ චමරි අතපත්තු තෝරා ගෙන ඇත. ලෝකයේ ප්‍රබලම ක්‍රීඩිකාවක් ආදේශකයෙකු සඳහා තෝරා ගැනීම නම් කණගාටුවට කරුණකි. එහෙත්, මුල්‍යමය අතින් ඇයව ශක්තිමත් කළ හැකි මුදලක් චමරි වෙත ගෙවීම ඇයගේ වාසනාව නිසාවෙන් තවත් අතකින් මෙය ඇයට ලැබීම පිළිබඳව සතුටට පත්විය හැකි කාරණයක්ද වෙයි.