තරග පවාදුන් මලික් රහසේම බංග්ලාදේශයෙන් පිටවෙයි
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඕවරයක් තුළ නිපන්දු තුනක් යවා තරග පාවා දීමේ චෝදනාවකට ලක්වෙයි. මේ චෝදනාව එල්ලවනවාත් සමඟ මලික් බංග්ලාදේශයෙන් හොර රහසේම පිටව ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සාගෙන් දික්කසාද වූ ෂොයිබ් මලික් මීට සති කිහිපයකට පෙරදී පාකිස්තාන නිළි සානා ජාවෙඩ් සමඟ විවාහ විය. විවාහ වීමෙන් පසුව ඔහු එක්වූ පළමු ලීග් තරගාවලිය වූයේ මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියයි. එහිදී ඔහු ෆෝචූන් බැරිසාල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේය.
කුල්නා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ෂොයිබ් මලික් යැවු එක් පන්දුවාරයකදී නිපන්දු තුනක් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 18ක් ලබා දීම මතභේදයට ලක්විය. මෙම චෝදනා තහවුරු වුවහොත් ෂොයිබ් මලික්ගේ ක්‍රිකට් ජීවිතය නිමා වීමට බොහෝ ඉඩකඩ ඇති බවද විචාරකයින් පෙන්වා දි ඇත. මලික් නියෝජනය කළ ෆෝචූන් බැරිසාල් පිල කඩුලු 8කින් පරාජයට පත්වීමෙන් පසු පන්දු යැවීම සැක සහිත බවට සමාජ මාධ්‍ය තුළ මතයක් ගොඩනැඟුණි.