ටෙස්ට් තරගය නරඹන්න නොමිලේ අවස්ථාව
ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය අතර, පැවැත්වෙන කුළුඳුල් ටෙස්ට් තරගය නැරඹිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොමිලේ ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබා දී තිබේ. මෙම තරගය පෙබරවාරි 02 වැනිදා කොළඔ එස්. එස්. සී (සිංහල ක්‍රීඩා සමාජ පිටිය) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගයෙන් අනතුරුව එක්දින තරග තුනක් හා විස්සයි 20 තරග තුනක්ද දෙරට අතර පැවැත්වීමට නියමිතය. ඒවා නුවර පල්ලේකැලේ හා රංගිරි දඹුලු ක්‍රීඩාංගණවලදි පැවැත්වීමට සූදානම් කර තිබේ. ඒ අනුව තරග තුනකින් සමන්විත දිවා – රාත්‍රී එක්දින තරගාවලිය පෙබරවාරි 9, 11 හා 14 දිනවල මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීද, පෙබරවාරි 17, 19, හා 21 දිනවල විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ රාත්‍රි කාලයේදී පැවැත්වේ.
මීට පෙර මෙම තරග කොළඹදි පැවැත්විමට සැළසුම් කරමින් තිබුණද සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති එක්දින හා විස්සයි 20 තරග සඳහා නරඹන්නන්ගේ අඩුවක් පැවති හෙයින් මෙම තරග කොළඹින් පිටතට ගෙන ගිය බවක් පෙනෙන්නට ඇත.
දෙරට අතර, තවමත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කොට නැති අතර, ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ටෙස්ට් තරග හතක් වැනි සුළු ප්‍රමාණයකට පමණක් තවමත් ක්‍රීඩා කොට ඇති කණ්ඩායමක්ද වෙයි. අයර්ලන්තය හා බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරග දෙක ඇෆ්ගනිස්තානය ජයගෙන ඇති අතර, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරග 4ක් පරාජයට පත්ව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව ඇත.