ඔස්ට්‍රේලියාවේදී වැඩ දැමු කොදෙව් පොඩි කොල්ලෝ ටික
වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳ සිටින ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 08ක තියුණු ජයක් වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩකයින්ගෙන් සැඳුම්ලත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුගියදා සමත් විය. එය වසර 27කට පසුව කොදෙව් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී ලද ටෙස්ට් ජය ලෙස ඉතිහාසයට එක්වීම විශේෂත්වයක් වෙයි.
කොදෙව්වන්ට මෙම තරගය දිනා දෙන්නට අනගි පන්දු යැවීමක නිරත වන්නට කොදෙව් නවක ක්‍රීඩක ෂමාර් ජෝෂප් සමත් විය. සිය මංගල ටෙස්ට් තරගයේදී ඔහු ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 13 දෙනෙකු දවාගන්නට සමත් විය. ෂමාර් ජෝෂප් ඇඟිල්ලක ආබාධයක් සමග ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාව දැක්වීම බොහෝ දෙනෙකුගේ නොමඳ ප්රසංශාවට ලක්විමද කැපි පෙනුණි.
තරගයේ සිය පළමු ඉනිම සඳහා කොදෙව්වන් ලකුණු 311ක් රැස්කරගෙන අතර, ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානුවන් ලකුණු 289ක් රැස් කළහ. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 193කදී සීමා කරන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය.
ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සොයා දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු සියල්ල ෂමාර් ජෝෂප් බොඳ කර දැමුවේ ඔස්ට්‍රේලියාවට නොසිතූ පරාජයක් උරුම කර දෙමිනි. ඒ අනුව ඔහු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම සිය නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට ෂමාර් ජෝෂප් සමත් විය.