සමාජ මාධ්‍යය පුරා යන කතාවලට උත්තර දුන් පූජා
පූජා උමාශංකර් කියන්නේ බොහෝ දෙනෙකු ආදරය කරන දක්ෂ රංගන ශිල්පිණියක්. කොටින්ම කිව්වොත් ඇය තරම් නිහතමානි නිළියක් ලංකාවේ නැති තරම්. ඉතින් ඇගේ ඒ නිහතමානි කමට බොහෝ දෙනෙක් ඇළුම් කරනවා වගේම ආදරය කරනවා.
නමුත්, මෑතකදී ඇය සම්බන්ධව හා ඇගේ පවුල් ජිවීතය සම්බන්ධ විවිධ තොරතුරු සමාජ මාධ්‍යය හරහා වාර්තා විය. පූජා ඇයගේ ජීවිතේ සියලු දේ අත්හැරලා භාවනාගෝගීව සිටින්නට අදහස් කරනවා කියලා සති අන්ත පුවත්පතකට ඇය පවසා තිබුණා.
මේ සම්බන්ධව බොහෝ දෙනෙකු පූජාගෙන් ඒ බව විමසා තිබුණා. පූජා කිව්වේ ඉලක්කයක් එක්ක ජීවිතයේ විවිද තීරණ ගෙන තිබුණත් එය එපා වීමක් වී හැරයාමක් නොවන බවයි. ඇය මේ දිනවල ඉතාමත්ම සතුටින් සැනසීමෙන් සියල්ල තේරුම් ගෙන තම සැමියා සමග සාර්ථක දිවි පෙවෙතක් ගත කරන බව ඇය වැඩිදුරටත් පවසා තිබුණි. කෙසේ වුවත්, පළවන තොරතුරුවලට අනුව ඇය මෙවැනි දේකට යොමුවීම සම්බන්ධව කිසිම අදහසක් තමන් තුළ නැති බවද ඇයගේ ප්‍රතිචාර මත සඳහන් විය.