Uthmirror

චාමර වීරසිංහ සුවය ලබා රෝහලෙන් පිටව යයි

චාමර වීරසිංහ සුවය ලබා රෝහලෙන් පිටව යයි

රටක් ආදරය කරන ගායන ශිල්පී චාමර වීරසිංහ පසුගිය සති කිහිපයේදීම අසනීප තත්ත්වයකින් පසු වූ බව අප හැමෝම දන්නා කාරණයකි. ඒ හේතුවෙන් චාමර වීරසිංහට ආදරය කරන රසික පිරිස් මෙන්ම කලාකරුවන්ද ඔහු කෙරෙහි නිතරම වාගේ පසුගිය දිනවල සොයා බලන්නට විය.


සති කිහිපයක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි චාමර පසුගියදා සුව අතට පත්ව සිය කැස්බෑව, බණ්ඩාරගම පාරේ පිහිටි නිවස බලා ගොස් ඇත. ඒ බව රෝහල් ආරංචි මාර්ග මේ වනවිට මාධ්‍යය දැනුම්වත් කර තිබේ.


ශ්වසන අපහසුතාවක් හේතුවෙන් චාමර වීරසිංහ දින 40කට ආසන්න කාලයක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු විය. කෙසේ වෙතත්, එහිදී ඔහුට උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට සිදු කළ බව චාමර වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *