කාටත් හොරා ප්‍රේම කළ ධනුෂ් රහසේම විවාහ වෙයි
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වූ ධනුෂ් මේ වනවිට හොර රහසේ විවාහ වී තිබෙන බවට තොරතුරු ලැබේ. ඒ දකුණු ඉන්දීය සිනමාවේ නැගී එන නිළියක් වූ ඇන්ඩ්‍රියා ජැස්මින් සමගය. ඇන්ඩ්‍රියා වෘත්තියෙන් ගායන ශිල්පිණියක් වන අතර, ඇය වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දකුණු ඉන්දීය රංගන ශිල්පිණියක් ලෙසිනි.
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයා වූ රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා සමගින් වසර හතකට වඩා වැඩි කාලයක් විවාහ වී සිටි ධනුෂ් මීට වසරකට පෙර නිතීයෙන් ඇයගෙන් වෙන්විය. ඉන් පසුව තවත් සුරූපි ඉන්දීය නිළියක් වු ත්‍රිෂා කිශ්නන් සමගින් රහස් සම්බන්ධයක් ධනුෂ් පවත්වන බවට කට කතාද ප්‍රසිද්ධ විය.
කෙසේ වෙතත්, වර්තමානය වනවිට ධනුෂ්, ඇන්ඩ්‍රියා සමගින් විවාහ වි ඇත. ඇන්ඩ්‍රියා කාලයක් සුපිරි නළු කමල් හසන් සමගද සම්බන්ධයක් පැවැත්වූ අතර, ජනප්‍රිය දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වූ අනුරුද් රවිචන්ද්‍ර සමගින් ප්‍රසිද්ධියේම වසර කිහිපයක් පෙම්වතුන් ලෙසද පෙනී සිටියහ.