රිතික් දීපිකා සුසංයෝගයෙන් නව වසර හැඩ කරන ෆයිටර්
බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තැබූ ‘වෝර්’ සහ ‘පතාන්’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ත් ආනන්ද්ගේ ‘ෆයිටර්’ චිත්‍රපටය තිරගත වීම ඇරඹුණේ ඉන්දියානු නිදහස් දිනයට සමගාමීව පසුගිය ජනවාරි 26 වැනිදායි. ඉන්දියානු පළමු ගුවන් – ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ ෆයිටර්’ විසින් ඉන්දීය රුපියල් කෝටි 250ක වියදමින් නිර්මාණය වූ දැවැන්ත සිනමාපටයක්ද වෙයි. චිත්‍රපටය ඉන්දියානු ගුවන් හමුදා ඉතිහාසය තුළ සැබෑවට සිදු වූ ‘ඉන්දියානු – පකිස්ථාන දේශසීමාව තුළ සැබෑවට සිදු වූ ගුවන් ප්‍රහාර’ පිළිබඳ සඳහන් වෙයි.
චිත්‍රපටයේ සියළු රූගත කිරීම ඉන්දියාවේ ඇසෑමයේ සහ ජමිමු කාශ්මීර ප්‍රදේශ ආශ්‍රිතව සිදු කර තිබේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන් හා සුපිරි නිළි දිපීකා පදුකෝන්ය. ඔවුන් දෙදෙනා බොලිවුඩ් සිනමා තිරයේ පෙම්වතුන් ලෙස ප්‍රේක්ෂකයින් දකින පළමු වතාවද මෙය වීම විශේෂත්වයකි. ඔවුන්ට අමතරව අනිල් කපූර්ද මෙහි ප්‍රධාන චරිතයකට දායකව සිටියි.
පැය දෙකයි විනාඩි 40ක ධාවන කාලයකින් යුතු ‘ෆයිටර්’ චිත්‍රපටය සිද්ධාර්ථ විසින් මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘පතාන්’ චිත්‍රපටයට වඩා වැඩි ක්‍රියාදාම දර්ශන ප්‍රමාණයක් අන්තර්ගත වී ඇති බව මාධ්‍ය වෙත සඳහන් කර අතර, ඔහුගේ මිළඟ අධ්‍යක්ෂණය වූ ‘ටයිගර් වර්සස් පතාන්’ චිත්‍රපටයේ රූගත කිරීමිවලින් අනතුරුව ‘ෆයිටර්’ දෙවැන්නක් සඳහා තිර පිටපත රචනා කරන බවය.
චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ඇරඹුණත් බහරේන්, කුවෙට්, ඕමාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල තිරගත කිරීම තහනමි වී ඇත. චිත්‍රපටය විසින් නිරූපණය වන ඇතැමි ජාතිවාදී සහ ආගමික දර්ශන නිසා මෙසේ ගල්ෆ් කලාපිය රටවල තහනමි වූ බවයි මාධ්‍ය වාර්තා කර ඇත. ගිය වසරේ සල්මන් ඛාන් රඟපෑ ‘ටයිගර් 3’ චිත්‍රපටයද මේ හේතුව නිසාවෙන් මැද පෙරදිග රටවල ප්‍රදර්ශනය කිරීම තහනමි කර තිබුණි.
– මලින්ත විතානගේ