Uthmirror

මිතුරාගේ මරණය වෙනුවෙන් පළිගන්න ආ මී මැසි පාලකයා

මිතුරාගේ මරණය වෙනුවෙන් පළිගන්න ආ මී මැසි පාලකයා

2024 නව වසර හොලිවුඩයේ ප්‍රදර්ශනය වුණ නවතම ක්‍රියාදාම චිත්‍රපටය තමයි ‘ද බීකිෆර්’ කියන්නේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන ජේසන් ස්ටැතමි. වයස අවුරුදු 57ක් වුණත් ජේසන් ස්ටැතමි කියන්නේ හොලිවුඩයට නැතිවම බැරි ක්‍රියාදාම නළුවෙක්. මන්දයත්, ජේසන් රංගනයෙන් දායක වූ ක්‍රියාදාම චිත්‍රපට බොහෝමයක් බොක්ස් ඔෆිස් ආදායමි වාර්තා තැබූ ඒවාය.


ජේසන් ස්ටැතමි ගිය වසරේ ‘Meg 2’, ‘Operation Fortune: Ruse de Guerre’, ‘Fast X’ සහ ‘Expend4bles’ යන චිත්‍රපට සඳහාද දායක වුවා. විශේෂයෙන් ස්ටැතමි විසින් ප්‍රධාන චරිතය නිරූපණය කළ ‘මෙග් 2’ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 395ක් වැනි ඉහළ ආදායමක් ලබා ගැනීමට සමත් වුණා. හොලිවුඩයට සමගාමීව ලොව පුරා සිනමාශාල රැසක තිරගත වූ ‘ද බීකීපර්’ චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ ‘බී කිෆර්ස්’ නමි රහසිගත සංවිධානයක් සඳහා කලින් සේවය කළ ‘මිස්ටර් ක්ලේ’ නමි බිහිසුණු ඝාතන ඉතිහාසයක් ඇති පුද්ගලයකු වටාය.


ඇමරිකානු ⁣ඩොලර් මිලියන 220ක් වැනි අති දැවැන්ත මුදලක් යොදා ‘ද බීකීෆර්’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩේව්ඩ් අයර් විසිනි. ඔහුට චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ඇතුළු පස් දෙනෙකුද නිෂ්පාදන සහය ඊට ලැබි ඇත. ජේසන්ට අමතරව මෙහි එමි රේවර් ලැම්ෆ්මන්, ජෝශ් හච්රේෂන්, බොබි නැඩ්රි, මයිනි ඩයිවර් ඇතුළු පිරිසක්ද රංගනයෙන් දායක වෙයි. චිත්‍රපටයේ සියළු රූගත කීරිමි සිදු කර ඇත්තේ මාස හතරක කාලයක් පුරාවට මහා බ්‍රිතාන්‍යයේ තෝරාගත් නගර කිහිපයක විවිධ දර්ශනතලවලදීය. ‘ද බීකීපර්’ චිත්‍රපටය නිකුත් වන්නේ ‘R’ Rated ⁣ශ්‍රේණිගත කිරීම යටතේ වන අතර, ඒ චිත්‍රපටයේ ඇතුළත් ලිංගික දර්ශන, ලේ වැකි ප්‍රචණ්ඩකාරී දර්ශන තිබීම හේතුවෙනි.
– මලින්ත විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *