කොටස් ත්‍රිත්වයකට ඇදෙන ධනුෂ්ගේ කැප්ටන් මිලර්
මහත් ආන්දෝලනයට තුඩු දුන් කොලිවුඩයේ සුපිරි නළු ධනුෂ් රංගනයෙන් දායක වන ‘කැප්ටන් මිලර්’ චිත්‍රපටය තිරගත වීම ඇරඹුයේ පසුගිය ජනවාරි 12 වැනිදාය. ඉන්දියානු රුපියල් කෝටි 50ක වියදමින් තැනුනු ‘කැප්ටන් මිලර්’ චිත්‍රපටය 1930 දශකයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය විසින් ඉන්දියාව විසින් පාලනය කරන සමයේ බ්‍රිතාන්‍ය හමුදාව සඳහා සේවය කරන ලද ඉන්දියානු හමුදා සොල්දාදුවෙකු බ්‍රිතාන්‍ය හමුදාව විසින් විනාශ කිරීමෙන් තම ගම්මානය බේරා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳ කතාවක් අඩංගු වෙයි.
කපිතාන් මිලර් නමැති සොල්දාදුවගේ චරිතය නිරූපණය කරන ධනුෂ්ගේ 47 චිත්‍රපටය මෙය වෙයි. චිත්‍රපටය තිරගත කර දවස් 12ක් අවසානයේ ඉන්දියානු රුපියල් කෝටි 70ක දැවැන්ත ආදායමක් ලබා ගැනීමට ‘කැප්ටන් මිලර්’ සමත් වී තිබෙනවා. පැය දෙකයි විනාඩි 45ක ධාවන කාලයකින් සමන්විත ‘කැප්ටන් මිලර්’ චිත්‍රපටය නොනවතින ක්‍රියාදම දර්ශනවලින් සුපිරි ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයක් බව නැරඹු විචාරකයන් සඳහන් කරනවා. චිත්‍රපටයේ අධ්යක්ෂ අරුන් මතේෂ්වරන් පැවසුවේ ‘කැප්ටන් මිලර්’ චිත්‍රපටය කොටස් ත්‍රිත්වයක් දක්වා නිර්මාණය කිරීමට මේ වනවිට තමන් අදහස් කරගෙන සිටින බවයි.
‘කැප්ටන් මිලර්’ චිත්‍රපටය විශේෂයෙන් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීමට හේතු වූයේ L.T.T.E ත්‍රස්තවාදී සංවිධානයේ සිටි පළමු මරාගෙන මැරෙන බෝමිබකරු වන ‘මිලර්’ නමැති කළු කොටි සාමාජිකයා චිත්‍රපටය තුළ නිරූපණය වන බව චෝදනා ලැබීමත් සමඟයි. මෙම ආරංචිය සමඟ චිත්‍රපටය රූගත කිරීමි සිදු වු අවධිය තුළ විශාල රාවයක් නිර්මාණය කරන්නට ‘කැප්ටන් මිලර්’ චිත්‍රපටය සමත් විය. නමුත් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ ‘කැප්ටන් මිලර්’ චිත්‍රපට අධ්‍යක්ෂක අරුන් මතේෂ්වරන් පැවසුවේ චිත්‍රපටය සඳහා නම ‘සේවින් ප්‍රයිවට් රයන්’ නමැති හොලිවුඩයේ ජනප්‍රිය යුධ චිත්‍රපටයේ ‘කැප්ටන් ජෝන් මිලර්’ චරිතය පාදක කර ගෙන තෝරාගත් බවය.
- මලින්ත විතානගේ