ඒකාධිපති පාලනයට විරුද්ධව නැඟි සිටින සලාර්ගේ කතාව
ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගත් ‘K.G.F’ චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කළ ප්‍රශාන්ත් නීල්ගේ අලුත්ම චිත්‍රපටය වන ‘Salaar: Part 1 – Ceasefire’ මේ වනවිට ලොව පුරා අති සාර්ථක ලෙස තිරගත වෙන්නේ බොක්ස් ඔෆිස් ආදායමි වාර්තාද තබමින්. ඉන්දියානු රුපියල් කෝටි 270ක දැවැන්ත වියදමින් තැනුණ ‘සලාර්’ තෙළිඟු චිත්‍රපටය දැනට ඉන්දියානු රුපියල් කෝටි 720කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ.
‘සලාර්’ චිත්‍රපටයේ කතාව දිවයන්නේ ‘කාන්සාර්’ නමැති ඩිස්ටෝපියානු ප්‍රබන්ධ රාජ්‍යයක සිදුවන බල අරගලයක් පාදක කරගනිමිනි. මෙම රාජ්‍යයේ වෙසෙන ඒකාධිපති පාලනයට විරුද්ධව නැඟි සිටින ‘දේවා’ හෙවත් ‘සලාර්’ නමි කැරලිකරුවකු වටා ‘සලාර්’ හි කතාව ගෙතී ඇත.
‘සලාර්’ චිත්‍රපටයේ කතාව ලියා ඇත්තේ චිත්‍රපට අධ්යක්ෂවරයා විසිනි. ඒ ඔහු 2014 වසරේ අධ්‍යක්ෂණය කළ ‘උග්‍රම්’ චිත්‍රපටය පාදක කරගනිමිනි. ‘සලාර්’ ලෙස සුපිරි තෙළිඟු නළුවකු වන ප්‍රභාස් සහ ‘වර්ධා’ ලෙස ප්‍රිතිවිරාජ් සුකුමාරන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන අතර, ශ්‍රෑති හසන්, ජගපති බාබු, බොබී සිම්, ටින්නු ආනන්ද්, ඊස්වරි රාඕ, ශ්‍රියා රෙඩ්ඩි සහ රාමචන්ද්‍ර රාජු ඇතුළු සහය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ. ‘සලාර්’ චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ ‘හොමිබලේ ෆිල්ම්ස්’ ආයතනය විසිනි. සලාර් චිත්‍රපටයේ රූගත කිරීමි ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රදේශය, ඉතාලිය, බුඩාපේස්ට් ආශ්‍රිතව සිදු කර ඇත.
‘සලාර්’ චිත්‍රපටයේ අති ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාම දර්ශනවලින් බහුල නිසාම වැඩිහිටියන්ට පමණක් යන ‘A’ ශ්‍රේණි සහතිකය යටතේ ප්‍රදර්ශනය කර ඇත. තෙළිඟු, දමිළ, මලයාලමි, කන්නඩ, හින්දි යන භාෂා පහකින් යුතුව හඬකවා තිරගත වන ‘සලාර්’ චිත්‍රපටයට සමගාමීව තිරගත වන ෂාරුක් ඛාන්ගේ ‘ඩන්කී’ චිත්‍රපටයට වඩා වැඩි ආකර්ෂණයක් ලබාගෙන තිබීම සුවිශේෂීත්වයකි. තිරගත කර දිනක් ඇතුළත ‘සලාර්’ චිත්‍රපටය ‘ඩන්කි’ මෙන් තුන්ගුඅණයකට ආසන්න ආදායමක් ඉපැයීමට සමත් විම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සිදුවීමක්ද විය.
– මලින්ත විතානගේ